තේරවිලි කවි

දිවා කාලයේ ගොවිතැනෙහි වෙහෙස වූ අප මුතුන් මිත්තෝ සැඳෑ සමයේ දී ගමේ කඩපිළක එකතුව කතන්දර හා පුරසාරම් දොඩන්නට යොමු වූහ. එසේම බර කරත්ත හෝ ගැල් වලින් ඈත පෙදෙස් කරා ගිය ඇත්තෝ ද රෑ බෝ වන විට මගතොට අම්බලමක නැවතී වෙහෙස නිවූහ. මේ කවුරුත් පාහේ තම කතන්දර හා පුරසාරම් අතරට තමා දන්නා තේරවිලි අන් අයගෙන් අසා විනෝද වන්නට පුරුදු වී සිටියහ. බොහොමයක් දෙනා විනෝදය සඳහා විවිධ තේරවිලි කවියෙන් අසන්නටත්, ඒවා කවියෙන්ම තෝරා දෙන්නටත් සමර්ථයෝ වූහ. මේවා පද පෙරළි, කවි තේරවිලි, තුන් තේරවිලි හා දහම් ගැට ලෙස අද අපට දකින්නට ලැබේ.

වචනයකින් පිළිතුරු ඉල්ලු කවි තේරවිල්ලක්..

ගසක් හැබැයි ගස මුල අතු පතුත්    නැතී
ෙඩියක් හැබැයි ගෙඩියේ ඇට මදත්   නැතී
නැට්ට නැතුව ගෙඩියේ දෙකොන පල  ගතී
මේ ගෙඩි කා රෑ තුන්යම නින්ද      නැතී

( පිළිතුර  :  ඛෙරය )


කවියකින්ම පිළිතුරු ඉල්ලු කවි තේරවිල්ලක්...

තලේ නම් තලේ සකි නුඹ   දන්නවද
තලේ නම් තලේ සකි නුඹ   දන්නවද
තලේ නම් තලේ සකි නුඹ   දන්නවද
තලේ නම් තලේ සකි නුඹ   දන්නවද

පිළිතුර :

තලේ කම් තලේ වල් කොටන කැති තලේ
තලේ නම් තලේ උඩ විදින    ඊ  තලේ
තලේ නම් තලේ ගොං දුවන මං   තලේ
තලේ නම් තලේ තව එපිට    මා තලේ


කවියකින්ම පිළිතුරු ඉල්ලු කවි තේරවිල්ලකට නිවැරදි පිළිතුර දෙන්නට බැරිවීම...

1 වැන්නා:

මාරයගෙ තොලේ කම සකි දන්නවද
මාරයගෙ  කුලේ කම සකි දන්නවද
මාරයගෙ   විලේ කම සකි දන්නවද
මාරයගෙ  පෙලේ කම සකි දන්නවද

2 වැන්නා දුන් පිළිතුර :

මාරයගෙ තොලේ නම සකි මාර   තොල
මාරයගෙ   කුලේ නම සකි මාර   කුල
මාරයගෙ   විලේ නම සකි මාර    විල
මාරයගෙ  පෙලේ නම සකි මාර   පෙල

2 වැන්නාගේ පිළිතුර නිවැරදි නැත. 1 වැන්නා පිළිතුර කියයි.

මාරතොල නෙවෙයි සකියනි   තෝරමල
මාරකුල  නෙවෙයි සකියනි    කූරමල
මාරවිල  නෙවෙයි  සකියනි    වීරමල
මාරපෙල  නෙවෙයි සකියනි   පේරමල